Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all articles
Browse latest Browse all 4459

ටියුෂන් ගමනේ අසම්මතය෴

$
0
0
තරුණ පරපුරේ සියල්ලන්ටම යථාර්ථය තේරුම් ගැනීම වස් මෙසේ උපුටා දක්වන්නෙමු...
සිතේ ඉපදෙන ආදරයක් ප‍්‍රකාශ කරගන්න ඔබ මොන තරම් වෑයම් කරනවාද. සිත ගිය පෙම්වතියගෙන්, පෙම්වතාගෙන් ලැබෙන පිළිතුර ඔබට මොනතරම් වටිනාකමක් තියේද? ඔබේ ආදරය පෙම්වතිය පිළිගතහොත් ඔබට මුළු ලෝකයක් දිනුවා හා සමානව දැනේවි. ආදරය ඒ තරමට ගැඹුරු ද? ‘ඔව් හදවත පුරාවටම ගැඹුරුයි’ ඔබත් පිළිගනීවි.

එදාට වඩා අද සෑම අතින්ම රට ලෝකය දියුණුයි. ඒ නිසා දුරකථන ඇමතුම, එස්.එම්.එස්. පණිවුඩය අද ආදරයේ මාධ්‍යකරුවා බවට පත් වී තිබේ. ලෝකයේ මොන කෙළවරක සිටියත් ආදරය නිදහසේ විඳින්නට දුරකථනය සෑදු අප ඇලෙක්සැන්ඩර් ග‍්‍රැහැම් බෙල්ටත් මේ පින් අනුමෝදන් විය යුතුයි. ඇතැම් විට ග‍්‍රැහැම් බෙල්වත් ඔහුගේ දුරකථනය මේ තරම් වෙනසක් කරාවි යැයි නොසිතන්නට ඇති.

හමු නොවුණත් දුරකතනය දෙපළක් අතර කරන බැඳීම මොනතරම් නිදහස් ද? ආදරණීය දෙපළක් මග තොට අත්පටලවාගෙන යාම අද අරුමයක් නොවේ. එහෙත් එයම ඔබේ නිදහස ද? ආදරය විඳින්නට මොන තරම් ආශාවක් ඇත්ද? මේ සියලූ දේට සීමා තිබේ. ඒ සීමා තෝරා බේරාගෙන ඔබට ආදරය කිරීමට පුළුවන.

රුපියල් 750, 800 ට 1000 ට කුලියට දෙන කාමරයකට ඔබ දෙපළ ගොඩවීම පිළිබඳ සමාජයේ පවතින මතය කිසි විටෙක සුබවාදී නැත. කාමරයක තනිවන දෙපළක් අතර පුද්ගල ස්වභාවය හැඟීම්, සිතිවිලි අනුව බොහෝ දේ සිදුවිය හැකිය.



කාමරයකින් පිට ඔබට නිදහසේ කතා කරන්නට, නිදහස විඳින්නට පොදුවේ බොහෝ දෙනෙක් මං මාවතක්, බස් හෝ දුම්රිය නැවතුමක්, පොදු ප‍්‍රවාහන සේවයක්, චිත‍්‍රපට ශාලාවක්, මල් වත්තක්, උද්‍යානයක්, මුහුදු වෙරළක් තෝරා ගනියි. අදාළ තැන අදාළ ආකාරයට, ආදරය විඳීම ගැටලූවක් නැත. ඔබ දෙපළට තැනක් නොතැනක් වන විට ගැටලූ ඇති වීමට ද පුළුවන. මේ කෙසේ හෝ වේවා සීමා දැන ආදරය කිරීමට කවර තැනක් වුව බාධාවක් නැත.

අහිංසක ආදරවන්තයන්ට මේ සියලූ තැන් රජ මාලිගා බව අපි දනිමු. කෝටිපතියන් ආදරය කිරීමට ලොකු තැන් සොයා ගියත් අහිංසක ආදරවන්තයන්ට මහ මග බස් නැවතුම, මුහුදු වෙරළ පුදුමතරම් වටී. දුවිලි නාගෙන, ඇතැම් විට ආදර ගඟ ගලා බසී.

ආදරණීය පෙම්වතුන්ට ස්වභාවයෙන් ලැබුණු තෑග්ග මුහුදු වෙරළ යැයි අපි සිතමු. රළ එකින් එක ගොඩට ඇදෙයි. එක රළක් එන විට තව රළක් මතුව එයි. රළ පෙරළුමේ නිමාවක් නැත. බලා ඉන්නට ඉන්නට ඇතිවීමක් ද නැත.

හාත්පස සිසාරා සුළං රැළි හමා එයි. අහස - මුහුද යාකළා සේ පෙනෙන ක්ෂිතිජ මායිමේ මහා නෞකාවක පුංචි සේයාවක් නෙත ගැටේ. මේ වෙරළ බිම සරුවට වැඩුණු වැටකේ මුලක්, නැත්නම් ගල් පරයක්, වැලි තලාවක් අසල ආදරයට මොන තහනමක්ද? සියල්ල ස්වභාවයෙන් ලැබුණු දේයි. නමුත් ස්වභාවයෙන් ලැබුණු දායාදය ළඟ ආදරය විඳින පෙම්වතුන්ටත් දැන් බොහෝ බාධා තිබේ. ආදරය විඳින අය සියලූ බාධක වලට මුහුණ දෙනවා හැර බාධක මේ මේ යැයි ප‍්‍රසිද්ධ කරන්නට යන්නේ නැත. මේ පිළිබඳ ලැබෙන ඇසෙන ආරංචි මත අපි පසුගිය දා දෙහිවල, ගල්කිස්ස, වෙරළෙහි ඇවිද ගියෙමු. ඒ ගමන අහිංසක ආදරවන්තයන්ට බොහෝ යහපත පිණිසය.

මුහුදු වෙරළෙහි දියනාන බාල, වැඩිහිටි, තරුණ මහළු විශාල පිරිසකි. ‘මොන තරම් නිදහසක් ද? දුක් කරදර මැඩගෙන සිනහ වන, සතුටු වන තරම්’ අපටද නොසිතුනා නොවේ. ඒ අතරේ විදෙස් සංචාරකයන් විශාල පිරිසක් ද වැල්ලට වී අව්ව තපිති. කුඩා කඩ දමාගත් අයද, අඹ, අන්නාසි වෙළෙන්දන්ද බේසම්වල හා බෑග් වල දමාගෙන එකිනෙකා අසලට ගොස් වෙළෙඳාම් කරති. තවකෙක් පෝනියකු වෙරළට ගෙනැවිත් ඌ පිට සංචාරකයන් රවුමක් එක්කගෙන යයි. මේ අතර ගල් පර මත වැටකේ පඳුරු අසල සෙවණට තුරුළු වී ආදරය විඳින පෙම්වතුන්ද විශාල පිරිසකි. කිසිවකුටත් කරදරයක් නැති පරිසරයක් බැලූ බැල්මට වෙරළහි පෙනේ. පොලීසියේ තරු පැළඳි මහත්වරුද නිල ඇඳුමෙන් වෙරළට එනු යනු අපට පෙනේ. සියලූම දේ අතර ආරක්‍ෂාව, නිදහස පමණට ඇති බව නොහැඟුණාම නොවේ.

නිදහසේ ආදරය විඳින තරුණ පිරිස අසළට අපි ගියෙමු. ඇතැමෙක් බර කතාවකය. තවත් අය හැඟුම්බර කතාවකය. තවකෙක් සිනහ මුසුවය. ඒ අතර සමහර පෙම්වතුන් බදාගෙනය. එකිනෙකා තුරුළුවීය. මුවට මුව ළං කොටගෙනය. පොදු ජනයාගෙන් මදක් ඈත් වූ මේ වෙරළ තීරයේ ඔවුන්ගේ ආදරයට බාධාවක් නැත. මීටර් 10-15 පමණ ඈතින් ඈත පෙම්වතුන් සිටින මානයේ ගල් පර උඩ, වැටකේ පඳුරු අසළ ගැවසෙන පිරිමි අයද කිහිප දෙනෙකි. ඔවුහු මුහුද දෙස බලා සිටිති. නමුත් කිසිවකුට හොරා බදාගෙන සිටින යුවළක් දෙස ද බලති. ඇතැමෙක් වැටකේ පඳුරක් මතට බරදී නිදහසේ සිටින සෙයකි. නමුත් ඔහුගේ ඇස වරින් වර තුරුළු කරගත් තරුණ ජෝඩු වෙතය. මුහුදු වෙරළ ගැන හොඳින් දන්නා එහි නිතර ගැවසෙන්නකුද අප සමග යයි.





Viewing all articles
Browse latest Browse all 4459

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>