Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all articles
Browse latest Browse all 4459

Windows 8.1 UEFI Bios වලට ගැලපෙන ලෙස ස්ථාපනය කරමු

$
0
0
මුලින්ම කියන්න ඕන මේක හොයාගන්න මන් මාර කට්ටක් කෑවෙ, මොකද කියල තේරෙයි කියවගෙන යද්දී :D

මේක අදාල වෙන්නේ ගොඩාක් අලුත් Laptops වලට සහ motheroboards වලට විතරයි, එහෙම උනත් හැම motherboard එකමටමත් මේ feature එක නැහැ
අලුත් laptops , desktops වල දැන් තියෙන්නේ අපිට දැකල හුරු dos වගේ bios නෙවේ , මෙන්න මේ වගේ GUI එකක් තියෙන mouse එකෙන් control කරන්න පුළුවන් ලස්සන bios ekak.

image

ඔය තියෙන්නේ intel visual bios එකක්. ඕකටම තම Unified Extensible Firmware Interface (UEFI) කියන්නේ, මේක අර පරණ Bios වගේම තම, ප්‍රධාන වෙනස interface එක වෙනස්.

මෙන්න මේක වැඩ කරන ආකාරය
image

දෙන් අයෙ මාතෘකාවට බහිමු, මොකක්ද මේ UEFI MODE එකෙන් install කරනවා කියන්නේ, මොකක්ද මේකේ වාසිය?මේකේ වාසි ගොඩාක් තියෙනවා, මෙන්න wikipedia ලින්ක් එක http://en.wikipedia.org/wiki/Unified_Extensible_Firmware_Interface

මන් ප්‍රධාන වාසි ටික කියන්නම්
1. 2TB වලට වැඩ වැඩි HDD වලින් බූට් කිරීමට හැකි වීම
2. hardware support උපරිම වීම
3. සහ විශේෂයෙන්ම සමහරක් භයානක virus වලින් බේරීමට හැකි වීම (UEFI bios සමග OS එක ගොඩක් සහසම්බන්ධයෙන් තම වැඩ කරන්නේ, ඒ නිසා අනවශ්‍ය දේවල් වලින් OS එක damage වෙන්නේ නැහැ , හිතන්න මෙන්න මේ වගේ අවස්ථාවක්, Virus එකක් ඇවිත් එක install කරනවා hardware item එකක drivers, මෙහෙම hardware එකක් PC එකේ නැහැ, වින්ඩොස් වලින් hardware drivers boot වෙනකොට load කරනවනේ,ඉතින් ඕකත් load වෙලා අර virus එක අමරණීය වෙනවා, ඒ උනාට UEFI BIOS නම් තියෙන්නේ windows boot වෙනකොට OS එක අනවශ්‍ය driver එකක් load කරනවානම් UEFI bios වලින් දැනුම් දෙනවා "යකෝ උඹට පිස්සුද ඔහොම කෑල්ලක් මගේ නැහැ , පිස්සු නටන්න එපා" කියල , ඉතින් OS එක තමන්ගේ recovery එක දාල driver කට්ට අයින් කරනවා, ඉතින් virus එක load වෙන්නේ නැහැ.මේ වගේ ගොඩාක් වැදගත් ගුණ මේ bios වල තියෙනවා)

දැන් බලමු කොහොමද මේ විදිහට windows (vista sp1, 7, 8, 8.1) දාන්නේ කොහොමද කියල , මේකට
1. UEFI තියෙන laptop/desktop එකක්
2. windows 64bit installation iso image එකක් (32 බිට් support නොමැත)
3. flash drive/pen drive එකක් (4GB හෝ වැඩි )
4. කිසිවක්ම නොමැති හිස් hard disk එකක් (හිස් partition එකක් නෙවේ, drive එකක්ම ඕන,මොකද අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන HDD format කරලා තියෙන්නේ MBR (master boot recorder) කියන MODE එකෙන්, ඒ උනාට UEFI mode එකෙන් දාන්න නම් GPT (guided partition table) mode එකෙන් format කරන්න ඕන )
5. හිතේ හයිය :D

මෙන්න මෙහෙමයි කරන්නේ

1. මෙන්න මේ app එක down කරගන්න, මොකද manual කරන විදිහ එක එක windows version වල වෙනස් නිසා (මෙන්න මේක හොයාගන්න බෙරිව මාර කට්ටක් කෑවා )

http://rufus.akeo.ie/

2. මෙන්න මේ විදිහට settings හදල, පෙන් එක select කරලා, අර පොඩි cd rom icon එක උඩ click කරලා windows image එක දෙන්න

image

3.start click කරන්න

image

image

image


4. දැන් done කියලවැටුනහම close කරලා දාන්න.
දැන් bootable usb එක හදල ඉවරයි, දැන් PC එක restart කරන්න

5. ඔයාගේ UEFI bios වලට ගිහින් EFI mode කියන option එක ON කරන්න, secure boot කියල එකක් තියෙනවනම් එක off කරන්න,පෙන් එක first bootable device එක විදිහට දාල save කරලා exit වෙන්න , අර ෆොර්මට් කරලා නැති හිස් HDD එකයි pen එකයි විතරක් ගහල බූට් කරන්න.

6.
image

ඔන්න ඔහොම එකක් අවොත්, හදපු USB එක වැරදියි , ඒ කියන්නේ එක්කෝ use කරලා තියෙන්නේ 32බිට් එකක්, නැත්නම් 32 බිට් එකයි 64බිට් එකයි දෙකම තියෙන එකක්, ආය bootable usb එක හදල බලන්න

ඔහොම අවේ නැත්නම් මෙන්න මෙහෙම load වෙයි ඔයාගේ laptop/motherboard manufacturer ගේ ලෝගෝ එකත් එක්ක
මගේ මෙහෙම (යටින් getting ready වචන නැතුව තමා එන්නේ මට pic එකක් ගන්න බැරි උනා)

image

7. දැන් නොර්මල් විදිහටම කරගෙන යන්න මෙන්න මෙතනට එනකන්
image

දැන් partition නැති HDD එකක් නම් ඔහොම තම එන්නේ, පරණ partition තිබ්බනම්, data ඕන නැත්නම් partition ටික ඔක්කොම delete කරන්න

8. image

දැන් හිස් ඉඩෙන් අලුත් partition එකක් හදන්න system disk එකට (windows වලට)
දැන් මෙන්න මෙහෙම අහයි, එක OK කරන්න

9. image

ඔන්න ඔය වගේ partition 4ක් දැන් හැදෙනවා. දැනට ඔහොමම තියල next click කරන්න (අනිත් partition windows දාල එහෙම හදාගන්න)

10. මෙතනින් එහා ඔක්කොම වෙනසක් නැහැ එකම විදිහ, install කරන්න

restart උනහම pen එක ගලවල දාන්න, දැන් මෙහෙම බූට් වෙයි

image

11. windows normal විදිහට boot වෙලා start screen එකට එයි , දැන් ඩෙස්ක්ටොප් එකේ බලන්න secure boot not enabled කියල තියෙනවද කියල, එහෙම තියෙන්න ඕන, එහෙම නම් restart කරලා bios වල secure boot enable කරන්න ...

එච්චරයි දැන් windows UEFI Mode එකෙන් දාල තියෙන්නේ :D




Viewing all articles
Browse latest Browse all 4459

Trending Articles