Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all articles
Browse latest Browse all 4459

Internet Marketing හා SEO වල සිංහළ Definitions

$
0
0
Internet Marketing කියන්නේ ගොඩක් සංකීර්ණ Industry එකක්. ඉතින් ඔයා දන්න වගේම නොදන්න වචන ගොඩක් තියෙන්න පුලුවන්. Geek එකේ ගොඩක් අය Internet Marketing කරනවා, ඉතින් Internet Marketing වලදී නිතරම වගේ පාවිච්චිකරන වචනවල තේරුම හරියට දැනගෙන ඉන්න එක වැඩකරන්න ලේසියි.

ඉතින් මේ Post එක ලියන්නේ එහෙම වචන කිහිපයක් ගැන තේරුමත් එක්ක හොඳ Explanation එකක් දෙන්නයි. Internet Marketing Industry එකේදී Sub Industries ගොඩක් තියෙනවා, කිහිපයක් විදිහට Blogging, SEO, SMM, SEM, Affiliate Marketing, Email Marketing දෙන්න පුලුවන්.

එහෙනම් දැන් කියන්න යන්නේ වචන කිහිපයක තේරුම ගැනයි.

SEM සිංහළ Definition එක


SEM කියන්නේ Search Engine Marketing. එහෙමත් නැත්නම් Search Engine එකක් භාවිතාකරලා ඔයාගේ Business එකට ලබාගන්න පුලුවන් Targeted Marketing එකයි. Search Engine Marketing කරන්න ක්‍රම 2ක් තියෙනවා. පළවෙනි එක තමයි ඔයාගේ Website එක SEO කිරීමෙන්. දෙවනි එක තමයි Paid Advertising Campaign එකක කිරීමෙන්.

මෙතනදි පළවෙනි ක්‍රමය වන SEO විශේෂ වෙනවා. SEO කියන්නේ Search Engine Optimization කියන එක. SEO කියන්නේ ඔයාට නොමිලේ කරන්න පුලුවන් දෙයක් වගේම ටික කාලයකින් ප්‍රථිපළ පෙන්වන දෙයක්. ප්‍රථිපළ පෙන්වන්න ටික කාලයක් ගන්නවා වගේම දීර්ඝකාලීන Marketing එකකුත් මේකෙන් ලබාගන්න පුලුවන්. SEO වල කොටස් 2ක් තියෙනවා. ඒ,

1. OnSite SEO.
2. OffSite SEO.

මේ කොටස් 2කම එකතු කරලා තමයි ඔයා SEO කරන්න ඕනා. OffSite SEO යටතේ එන Link Building විතරක් කරලා හරියන්නේත් නෑ, OnSite SEO යටතේ එන Meta Tags දැමීම විතරක් කරලා හරියන්නෙත් නෑ. ඔව්, Link Building විතරක් කරලා ටිකක් සාර්ථක වෙන්න පුලුවන්, නමුත් මේ දෙකම කලානම් ඒ සාර්ථකත්වය ඊටත් වඩා වැඩියි නේද?

දෙවනි ක්‍රමය තමයි SE Advertising කියන්නේ. මේකෙදී ඔයාට නොමිලේ Marketing එකක් ලබාගන්න බැහැ. ඒ කිව්වේ මේ ක්‍රමයෙන් යනවා නම් ඔයාට Google Adwords වගේ PPC Advertising Network එකක Ad Campaign එකක් දාන්න වෙනවා. මේ ක්‍රමයේ තිබෙන එකම වාසිය තමයි Quick Boost එකක් ගන්න පුලුවන් වීම.

හෙට ඔයාගේ Website එක Launch කරනවා නම් හෙට Ad Campaign එකක් Launch කරලොත් ඉක්මනින්ම ඔයාගේ Website එකට Visitorsලා එයි. එහෙම Quick Boost එකක් ලැබුනත් ඒක නිකන් ගඟේ වතුර වගේ යන්න පුලුවන් අවස්ථාවක් වෙන්න පුලුවන්. ඒ නිසා තමයි එන Visitorsලව Lead Capture Page එකකට ගන්න ඕනා.

Copywriting සිංහළ Definition එක


Copywriting කියන්නේ Writingවල තියෙන හොඳම එක. ගොඩක් අය Copywriting ගැන හිතන්නේ මොනාහරි දෙයක් Copy කරලා Paste කරන එක කියලා, ඒත් ඒක එහෙම නැහැ. Copywriting කියලා සරලව හඳුන්වන්නේ විශේෂයෙන් Marketing වලට Advertising වලට ලිවීමයි. මේක හිතන තරම් ලේසි නෑ.

මොකද, මනුස්සයෙක්ගේ සාමාන්‍ය මනස මොනාහරි Product එකක් හෝ Service එකක් මිලදීගන්න තත්වයට Convert කරන එක තමයි සාර්ථක Copywriting කියලා කියන්නේ.

ඉතින් මේ දේ කරන්න ඔයාට Product එක හෝ Service එක ගැන සම්පූර්ණ අවබෝධයක් තියෙන්න ඕනා. ඒ විතරක් මදියි, ඔයාට Target Audience එක ගැන ලොකු අවබෝධයකුත් තියෙන්න ඕනා. මේ අවබෝධයේ කොහේහරි තැනක අවුලක් තිබුනොත් ඔයා ලියන Copy එක සාර්ථක වෙන්න තියන සම්භාවිතාව අඩුයි.

ලොකු Company වලින් ලෝකේ හොඳම Copywritersලට ඩොලර් ලක්ෂ ගණන් ගෙවලා Hire කරන්නේ එයාලගේ Productsවලට හොන්දට Convert වෙන Copy එකක් ලියාගන්න. මේ නිසා මේක ලොකු Demand එකක් තියෙන Industry එකක්. ඒත් Theory වලින් ඔයාට Copywriting Pro කෙනෙක් වෙන්න නම් බැහැ. Copywriting වලදී සාර්ථක වගේම හොඳට Convert වෙන Copy එකක් ලියන්න වැඩිපුරම බලපාන්නේ ඔයාගේ තියන Experience එකයි.

SMM සිංහළ Definition එක


SMM කියලා කියන්නේ Social Media Marketing වලට. මේකෙනුත් වෙන්නේ ඔයාගේ Online හෝ Offline Business එකට Targeted Audience එකට Targeted Marketing එකක් ලබාගන්න ලොකේ තියන හොඳම Social Media Sites පාවිච්චිකරන එකයි. ලෝකේ තියන හොඳම Social Media Sites තමයි,
1. Google+
2. Facebook
3. Twitter
4. Pinterest
5. LinkedIn

උඩ කිව්ව හැම එකකටම එයාලගෙම Advertising System එකක් තියෙනවා වගේම ඔයාටත් පුලුවන් මේ Sites වල Advertise කරන්න. නමුත් කලින් SEM වලට කිව්ව දේම මෙතනදිත් කියන්න වෙනවා. Ad Campaign එකක් වැරදෙනවා කියන්නේ ROI එක Loss වෙන එකයි. ඉතින් කිසිම Business එකක් Profit ගන්න මිසක් Loss වෙන්න කැමති නැහැ. මේ නිසා නිතරම Free Marketing වලට මුල්තැන දෙන එක හොඳයි.

නොමිලේ Social Media Marketing කරනවානම් SEO වගේම ලොකු Strategy එකකට අනුව වැඩ ගොඩක් කරන්න තියෙනවා. Social Media Marketing වලින් Viral Marketing වීමේ සම්භාවිතාව ගොඩක් වැඩියි හරියට කලොත්. මොකද Social Mediaවල ඉන්න මිනිස්සු ගොඩක් දේවල් තමන් කැමති වුනත් නැතත් Share කරනවා.

මෙතනදි Viral Marketing කියන්නේ මොනාහරි දෙයක් මිනිස්සුන්ට නිකන් Virus එකක් වගේ හිතට වදින විදිහට Market කරන එක. උදාහරණයක් විදිහට Video Game කිව්වොත් ඕන දෙයක් මං Share කරන්න ඉඩ තියෙනවා.

CPA සිංහළ Definition එක


CPA කියන වචනය නිතරම වගේ දකින්න ලැබෙන්නේ Affiliate Marketing වලදි. CPA කියන්නේ Cost Per Acquisition එහෙමත් නැත්නම් Cost Per Action කියන එකයි. ඒ කියන්නේ කාගේහරි තීරණගැනීමක් මත තමයි ඔයාට ගෙවනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. මේ තීරණය යටතට Product හෝ Service එකක් මිලදීගැනීම, Email Newsletter එකට Subscribe වීම වගේ තවත් Desired Action එකක් මත කෙරෙන ගොඩක් දේවල් අයත්වෙනවා.

එතකොට Affiliate Marketing කියන්නේ තවත් කෙනෙක් හදපු Product එකක් හෝ Service එකක් ඔයාගෙම Affiliate Link එකක් මගින් විකිණීමයි. මෙතනදි තියෙන වාසිය තමයි ඔයාට අමුතුවෙන් මුකුත් හදන්න අවශ්‍ය නෑ, හදපු දෙයක් තමයි ඔයා විකුණන්නේ. තවත් දෙයක් තමයි Clickbank වගේ Affiliate Network වලින් ගොඩක් වෙලාවට 75% Affiliate Commission එකක් Pay කරනවා Product එකේ Marked Prize එකෙන්.

කතාවක් තියෙනවා මේ අවුරුද්දේ ගොඩක් අය Affiliate Marketing අතඇරලා දාලා කියලා, ඇත්තද කියලා හරියට දන්නෙ නෑ, හැබැයි එහෙම වෙලානම් දැන් Competition එක ගොඩක් අඩු ඇති.

ඉතින් මේ පොස්ට් එකත් ඔයාට වැදගත් වෙන්න ඇති කියලා හිතනවා, මේ වගේ තව ගොඩක් දේවල් මගේ SLMarketer Sinhala Internet Marketing Blog එකේ පළකරනවා. හැබැයි දැන්නම් කියන්න යන්නේ එහෙම පළකරපු ලොකුම සිංහළ SEO Glossary එක ගැනයි.

මේ සිංහළ SEO Glossary එක තමයි දැනට SLMarketer තුලින් බිහිවුණ දිගම පෝස්ට් එක වෙන්නේ. ඒ වචන 4410ක් මේ Glossary එකට ඇතුලත් වෙලා තියන නිසා. මේ වචන 4410 ඇතුලේ වචන 10ක්වත් ඔයා SEO ගැන නොදන්න දෙයක් තියෙනවා කියලා කිව්වොත් ඔයා විශ්වාස කරනවද? ඒක දැනගන්න මේ Glossary එක කියවලම බලන්න. ඔයාට SEO වචන වල තේරුම හොඳ Explanations එක්ක වගේම උදාහරණත් එක්කම කියවන්න පුලුවන්.

Sinhala SEO Glossary List


මම ෂ්‍යාම් චතුරංග
Internet Marketer
SLMarketer.com


Viewing all articles
Browse latest Browse all 4459

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>