Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all articles
Browse latest Browse all 4459

මෙය SPAM නොවීමටනම්, ඔබේ අදහස් දැක්වීමෙන් වලකින්න..

$
0
0
මෙය SPAM නොවීමටනම්, ඔබේ අදහස් දැක්වීමෙන් වලකින්න.. :)]

ඇත්තෙන්ම වෙනත් community sites හෝ Forum වල (Facebook, Yahoo, Skype, Google සහ තවත්..) වගේම Geek.lk එකෙත් Fake Accounts (කූට උපායශීලී ගිණුම්) නිර්මාණය වීම සාමාන්‍යය දෙයක්. කෙනෙක් තමන්ගේ සැබෑ නම නැතුව වෙනත් නමකින් පෙනීසිටින පමණින් ඔහු Fake කිරීමක් සිදුකරනවයි දොස් තැබීම එතරම් නිවැරදි චෝදනාවක් නෙමේ. එහෙම කියන්න හේතුව තමයි ගීක් එකේ ඉන්න 75%කටත් වැඩියේ ඉන්නේ සුළුවෙන්හෝ තමන්ගේ නම වෙනස් විදිහකට පෙන්නන අයයි.
ඉතින් කෙනෙක් Terms & Conditions හෝ Privacy Policy වලින් ඔබ්බට ගිහින් යමක් සිදුකරන්න උත්සහ ගන්නේනම් එය පිලිබඳව Admin වෙත දැනුම් දීමක් කලහැක. එසේත් නැත්නම් තවත්කෙනේක්ගේ නමට කැළලක් කෙරුවොත් හෝ තවත් කෙනෙක්ට අකටයුත්තක් පැහැදිලිවම සිදුකල මොහොතක එය සිදුකල තැනැත්තා ගැන පැමිණිලි කල හැක. එසේ පැමිණිල්ලක් කල සෑම අවස්ථාවකම එම පුද්ගලයා හෝ ඔහුගේ ගිණුම සම්පුර්ණයෙන් ඉවත් කලයුතුයි කියන දැඩි මතයෙන් අදහස් දැක්වීමද නොකළ යුතුයි. ඒ සඳහා අවසන් තීරණය ගත යුත්තේ admin පමණයි.
මගේ පෞද්ගලික අදහසේ හැටියටනම් ගොඩක්ම හොඳ, කෙනෙක් අලුතින් Account එකක් සාදාගන්නා මොහොතේදී ඔහු පිලිබඳ නිවැරදි තොරතුරු ලබාගැනීමට සමත්විය යුත්තේ Geek අඩවියයි. ඒ කියන්නේ email සහ phone verification වගේ දේවල්. එහෙම කෙරුවොත් අනවශ්‍ය ගිණුම් සෑදීම් ගොඩක් දුරට අඩුවෙයි. එහෙමත් නැත්නම් එක computerයකින් එක Account එකක් සාදාගැනීමට හැකිවෙන තරමට Borwser cookies වැඩිදියුණු කලයුතුයි. එවැනි දෙයක් සිදුනොකර මෙවැනි දේවල් සිදුවීම වැළක්විය නොහැක. ඒවගේම මම දන්නා තරමින් ගීක් එකෙත් එක්තරා Browser cookie එකක් භාවිත කරනවා..
ඉතින් එහෙමනම් ඕනෑම ගැටළුවක් බුද්ධියෙන් හා ඉවසීමෙන් විසන්දාගනීමට ඔබත් බුද්ධිමත් වීමෙන් Geek වෙත සහය දක්වන්න..

Viewing all articles
Browse latest Browse all 4459

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>