Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all articles
Browse latest Browse all 4459

E money vs අපේ කෙල්ලෝ සහ ලින් මදි සංකල්පය (payakata 1000)

$
0
0
මචන් මම වෙබ් අඩවි උපරිම කැපවීමෙන් කරන කෙනෙක්. මේ දවස් වල මම සිංහලෙන් තනිකර EBooks 100+ විතර (computer side ) සිංහලට හරවල තනිකර වෙබ් site එකක් හදන ගමන් ඉන්නේ. මම හදන්නේ තනිකර සිංහලෙන්. සිංහල ෆොන්ට් එකෙන්. adsense තුත් target කරලා.
(font එකෙන් හැදුවට ප්‍රශ්නයක් නෑ ලු ) ඉතින් ඒක නෙවේ කාරණය මට ඕන මම දන්නා සිංහලෙන් අපේ අයට මොනවා හරි දැනුමක් රසවින්දනයක් දීල මමත් ආත්ම තෘප්තියක් අරගෙන adsense වලින් කීයක් හරි හොයා ගන්න. (adsense නැතත් කමක් නෑ )

එත් මට ලදී ඉදන් මහා එපා වීමක් දැනෙනවා. මේ ලංකාවනේ. කොච්චර TV පත්තර වල ad දාල ඒ වගේ අද්යාපනික දෙයක් හැදුවට කියවන්නේ නෑ. නිකන් දෙනවය කිව්වත් ඒ වගේ දෙයක් ගන්නේ නෑ.. උදාහරණක් විදියට මම මෙහෙම කියමු. ඔන්න මම article 1000 කින් විතර ඔය උසස් පරිගණක ආයතනක් අව්රුද්දක් විතර උගන්වන වටිනා පාටමලාවකම syllabus cover කළා කියමුකෝ videos pictures sample codes එක්ක. එහෙම හොදටම තේරෙන්න හදල පත්තරයක (උදාහරනෙකට ගන්නකො පරිගණක සගරාවක") ad එකකුත් දැම්ම කියමුකෝ,
තව ඔය මේ දවස්වල කළු කඩ කාරයෝ, ඉන්ටෙර්නෙට් ගුරෝ එහෙම "මසකට ලක්ෂයක් උපයන්න" කියලා. සිහින ලෝක මවල අහිංසක පොඩි උන් ටිකයි. ඔය ගෙවල් වල මහත්තය ළමයි ඉස්කෝලේ වැඩට ගියාම තනියෙන් ඉන්න ගෑනු උන්දලා ටිකයි රවට්ටන් උන් මාසයකට නෙවේ.. සතියකටම ලක්ෂයක් හොයන වැඩමුළු තියෙන E Money කියන title එක ගැන බොක්කෙන්ම, ඒ කිව්වේ ඔය PTC site දෙක තුනක් ගැන කියල දීල තමන්ගේ රෙෆ්ෆෙරල් දීල සිගිති අතල් දෙන ඒවා නෙවේ. තනි කර E commerce concept එක ගැන, වෙබ් අඩවි නිර්මාණය කරන හැටි, pHP, Html, Css වගේ ඒවා මුල ඉදන් උගන්න්වල, තනියෙන් කරගෙන යන හැටි සුපිරියටම කියා දීල, Business concept ගැනත් කියා දෙන සුපිරිම පිටු 1000 ක 2000 ක විතර course එකක් හැදුව කියමුකෝ.. මාස ගානක් ගියත් කොච්චර promote කලත් සතියට ඕනනම් page views 100ක් විතර ඇති...

නමුත් පත්තරේක තිබ්බොත් full Page ad එකක් 'මසකට ලක්ෂයක් උපයන්න. E money ගැන හරියටම දැනගන්න" කියලා ඔක්කොම කෙල්ලෝ ටිකයි. A /L කරපු උන් ටිකයි, තව මහා බබාලා ටිකයි යනවා රෙද්ද උස්සගෙන.. ගිහිල්ල පැය ගානක් තිස්සේ ඉගෙන ගන්නවා මෙන්න මේවා ටික

1 pTC site එකක නිවැරදිව register වෙන්නේ කොමද?
2.කොහොමද හරියටම G Mail එකක් හදන්නේ
3. oDesk කියන්නේ මොකද්ද? කොමද profile එකක් හදන්නේ. කොහොමද වැඩ ගන්නේ
4. හා තව සව් කොළ වගේ පිටු 10 ක විතර tute එකකුයි,
බුදුවරයෙක් ඉපදෙනවා හා සමාන දුර්ලබ softwares ටිකකුයි.
5 හා වැදගත්ම දේ... එයාල දෙනවා RS 150 fried rice එකයි... හිරවෙනවට වතුර බෝතලයක් නිකන්

ඉතින් වරුවක් තිස්සෙම අර උගන්වන කෙනාගේ කටයි පසසයි දිහා බලාගෙන ඉදල. සහතික කෑල්ලකුයි අරගෙන 7000 ක් විතර වියදම් කරලා
එහෙම උත්තමයෙකුට කරපු උදව්වට කෙල්ලෝ තව මොනවා හරි පූජා කරල සාදු කාර දීල එනවා. ඇවිල්ල වැඩි වෙනවා හීන ගොඩක් මවා ගෙන අම්මටත් බැනගෙන.

"අම්මේ... අම්ම මට ඉස්සර බන්නනේ... අර seminar එකේ අයිය කිව්වා අපිට FB log වෙලත් ලක්ෂයක් උපයන්න පුළුවන් කියලා.. මම අද ඉදන් සල්ලි හොයනවා FB එකේ.. අම්මි කට වහන් ඉන්නකෝ...

ඔහොම කියල අම්මි තාත්ති දෙන්න එක එක්කෙනාට සීරු මාරු වෙනකම් ඉදල දුවත් බොහොම මහන්සියෙන් FB එකට තමන්ගේ ඇගේ පින්ටුරයකුත් පෙන්නලා පරණම රස්සාව පටන් ගන්නවා modify කරලා..

ඉතින් අපි පන නහගෙන අත කඩෙනකම් ලියල දැම්මට කව්රුවත් නෑ කියවන්න එන්නේ. අර ගුරාලටම කියල ගිහින් 7000 කුත් දීල, අතින් කාල හරක් බලනවා වගේ වියදම් කරලා කහගන්නවා. (පවු ලංකාවේ මෝඩ අහිංසක කෙල්ලෝ )

නමුත් මචන් හොද gossip දාලා blog copy එකක් හැදුවොත් "අහවල් නිළියගේ panty එකේ පෙනෙයි.." කියල gossip එකකුත් දාල. යනවා කට අරගෙන වැල නොකැඩී online 1000 පනින්න...

මම අහන්නේ මේක ලංකාවේ උන්ගේ කාල කන්නි කමද? නැත්නම් අපේ පවද. මට කලින් කිව්වා විදියට සුපිරියට blog කරන්න තරම් article ලියල තියෙන්නේ... english ඒ books 100 ක් විතර සිංහලට හරවල තියෙනවා මාස දෙකක් නිදි මරාගෙන. මට එපා වෙලා තියෙන්නේ. යාළුවනේ gossip හැර ලංකාවේ කෙල්ලෝ ඉලක්ක කරන ලියන්න පුළුවන් topix තියෙනවනම් කියපන්. අර article ටික ඕන නම්. කියපල්ලා. මම වෙබ් site එක හදලා ප්‍රතිපලයක් nownoth එක්කෝ usa ගිහින් blog ලියනවා... නැත්නම් නිකන් ඉන්නවා... සංවාදයට විව්ර්තයි.....

Viewing all articles
Browse latest Browse all 4459

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>