Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all articles
Browse latest Browse all 4459

ඕනෑම Laptop Keyboard ගැටළුවකට මෙය පිළියමකි. 100% සාර්ථකයි!

$
0
0
මේ මගේ පළවෙනි tutorial එක. ඒක හින්දා ටිකක් අඩුපාඩු ඇති. :D ගණන් ගන්න එපා හොඳේ......... :D

Laptop භාවිතා කරන අයට keyboard එකේ ලෙඩක් ආවොත් එහෙම ඒක හදාගන්න හෙන ගේමක් දෙන්න වෙනවා. :D ඉතින් මම අද මේ කියන්න යන්නේ ගේමක් නැතුව ඕනෙම Laptop එකක ඕනෙම Keyboard ගැටළුවකට කරන්න පුළුවන් දෙයක් ගැනයි........ :D මම පියවරෙන් පියවර දාන්නම්. එතකොට ලේසියිනේ...... :D

පියවර 01
ඉස්සෙල්ලාම අතේ තියෙන හොඳම නියපොත්තෙන් laptop keyboard එකේ keys එකින් එක ගලවන්න. :D
මේ පල්ලේ තියෙන රූපේ විදිහට....

image

ඔක්කොම ටික ගැලෙව්වාට පස්සේ මේ වගේ හරි ලස්සනයි......

image

පියවර 02
ගලවපු keys ටික සිලිකවරෙකට දාලා පරිස්සමට අරන් තියන්න......... මොකද මොන්ටිසෝරි යන ළමයින්ට එහෙම ඕවා ඕනේ වෙනවා... එක එක ඉංග්‍රීසි වචන එහෙම හදන්න....

image

පියවර 03
දැන් අපි වැඩෙන් 90% ක්ම ඉවරයි. ඊට පස්සේ කරන්න තියෙන්නේ පල්ලේ රූපෙ තියෙනවා වගේ USB Keyboard එකක් අරගෙන Laptop එකට සම්බන්ධ කරන්න.

image

මේච්චරයි. හරි ලේසියි. පියවර තුනයි. අතිශයින්ම සාර්ථකයි.

((((මෙය මා විසින් සිදු කරන ලද සත්‍ය ක්‍රියාවක් පදනම් කොට ගනිමින් නිර්මාණාත්මකව සාදන ලද tutorial එකකි.)))))

Viewing all articles
Browse latest Browse all 4459

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>