අපට යම් දෙයකින් නිසි ආකාරයට ප්‍රයෝජනයක් ලබාගන්නට නම්, අපට ඒ දෙය පිළිබදව, ඒ වගේම ඒ දෙයෙහි තිබෙන වටිනාකම ගැන යම් ආකාරයක අවබෝධයක් තිබෙන්නට ඕන. එසේ නැතිනම් අපට ඒ දෙයින් ලබාගන්නට පුළුවන් නිසි ප්‍රයෝජනය ලබාගන්නට ලැබෙන්නේ නැහැ. ඒ වගේමයි සසරේ සැරිසරපු අපට දුලබව ලද මේ මනුෂ්‍ය ජීවිතය පිළිබඳව වැටහීමක් තිබිය යුතුයි. මේ ජීවිතයේ දී අපට ලබන්න පුළුවන් ප්‍රතිලාභ පිළිබඳවත් වැටහීමක් තිබිය යුතුයි. එහෙම නැතිනම් බොහෝම කලාතුරකින් ලැබුණ මේ වටිනා මොහොත අපට අහිමි වී යනවා.
මේ මනුෂ්‍ය ජීවිතය දුර්ලභ යි. ගොඩාක් දුර්ලභ යි. සතර අපාය මහගෙදර කරගෙන, ආරම්භක කෙලවරක් නොපෙනෙන අති දීර්ඝ සසර ගමනක පැමිණෙන සත්වයන්, කලාතුරකින් තමයි මේ මිනිස් ලෝකයට එන්නේ. අපි අහල තිබෙනවා මේ මනුෂ්‍ය ජීවිතය දුර්ලභව ලැබෙන දෙයක් බව. නමුත් දුර්ලභ වූ මනුෂ්‍ය ජීවිතයක් ලැබුණා කියල අපි සිහිකරනවද.? දුර්ලභ දෙයක් අපිට ලැබී තිබෙනවා යෑයි අපි සිහිවෙනවාද? සිහිවෙන්නේ නැහැ නේද? ඒ නිසා එය සිහිකරන්න පුරුදුවෙන්න.
අපේ ජීවිතවලත් නොයෙකුත් දුක්, පීඩා තිබිය හැකියි. නොයෙකුත් අර්බුදවල අපි පැටලිලා සිටිය හැකියි. නමුත් අපට දුර්ලභ මිනිස් ජීවිතයක් ලැබී තිබෙනවා. ඒ වගේම ඊටත් වඩා දුර්ලබ බුද්ධ ශාසනයක් මුණගැසී තිබෙනවා. ඒනිසා මේ දුර්ලභ මොහොත ලැබුන අපි, ගෞතම බුදු සසුන මුණගැසුන අපි වෙනදාට වඩා නුවණ පාවිච්චි කර කටයුතු කළ යුතුයි. භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දුන් ධර්මය ඉගෙනගෙන ඒ ධර්මයට අනුව කල්පනා කරන්ට පුරුදු විය යුතුයි. ඒ කියන්නේ වෙනදාට වඩා එහා කල්පනා කළ යුතුයි. එලෙස කල්පනා කළොත් කොන්දේ අමාරුව අපිට ලොකු දෙයක් නොවෙයි, බඩේ අමාරුව අපිට ලොකු දෙයක් නොවෙයි, දනිස් අමාරුව අපිට ලොකු දෙයක් නොවෙයි, අපි දවස් ගණන් කල්පනා කරකර දුක් විඳින අර්බුද ලොකු දේවල් වෙන්නේ නැහැ.
බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ දියේ ඇන්ද ඉරක් වගේ මේ ජීවිතේ ටික කලයි තිබෙන බවයි. තණ අග පිණි බිංදුවක් වගේ මේ ජීවිතේ ටික කලයි තිබෙන්නේ කියල. උදේට අවදිවෙනවා, ඊට පස්‌සේ හවස්‌වෙලා රාත්‍රිය එළැඹෙනවා. රාත්‍රිය ගෙවෙනවා. ආයෙත් දවසක් උදාවෙනවා. මේ ආකාරයට දිවා රෑ කීයක් ගතවුණාද? අපිට තව දින කීයක් ගතකරන්ට තිබෙනවද? තව ගොඩක් කල් ගතකරන්න තිබෙයි යෑයි හිතන්න එපා. ජීවිතයෙ ටික කලයි. වේගයෙන් ගෙවෙනවා කාලය. වේගයෙන් කාලය ගෙවෙනවා කියන්නේ අපිට ජීවත් වෙන්න තිබෙන කාලය අඩුවෙනවා. මරණයට අපි ළංවෙනවා. ජීවත්වෙන්න බොහෝ කල් තිබෙයි යෑයි සිතිය නොහැකියි. තව අවුරුදු පනහක් වෙද්දි අපි සියලු දෙනා කළුරිය කර තියෙයි. තව අවුරුදු පනහක් වෙද්දි අපි කවුරුත් මෙලොවින් පිටවෙලා. ඒ නිසා ඒ වෙද්දී මේ තාවකාලිකව වාසය කරන මේ සුගතිලෝකය තාවකාලික වාසයක් යෑයි අපි තේරුම් නොගත්තොත් මේ දුගතියෙන් නිදහස් වී සිටින්නේ කෙටි කලකට යෑයි අපි තේරුම් නොගත්තොත් ආයේ කොහෙද අපිට යන්න වෙන්නේ? බොහෝ විට ආයෙත් දුගතියෙ.
ඒ නිසා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයන් සිහිකරන්න. මේ ධර්මයන් සිහිකළොත් මේ ජීවිතයේ ඇතිවෙන අර්බුද වලින් ඔබේ සිත යටනොවී තියාගන්ට පුළුවන්. එතකොට ඒවා දුක්‌පීඩා උපදවන දෙයක් වෙන්නෙ නෑ. ඇයි..? එවිට ඔබ දන්නව මීට වඩා දුක් පීඩා උපදවන ස්‌වභාවයක් අපේ ජීවිතවල සැඟවී තිබෙන බව. ඒ ස්‌වභාවය නිරුද්ධ කරගන්නයි අපි මේ දුර්ලභ අවස්‌ථාවේ කටයුතු කළයුත්තේ.
ඔබ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ලෙසින් මේ ධර්මය කල්පනා කළොත් ඔබ තුළ සංසිඳීම ඇතිවෙනවා. වීරිය ඇතිවෙනවා. උනන්දුව ඇතිවෙනවා. ප්‍රමාදී බව දුරුවී යනවා. අප්‍රමාදී බවට පැමිණෙනවා. ඒ වගේම ඔබ ඒ ලෙසින් ධර්මය සිහිකළොත් ඔබ බුදුරජාණන් වහන්සේ කෙරෙහි නැමුනු සිතින් වාසය කරන කෙනෙක් බවට පත්වෙනව.
භාග්‍යවතුන් වහන්සේ අපේ ජීවිතවල අපිට නොපෙනෙන දේ නොයෙක් ලෙසින් පෙන්වා දුන්නා. ඒ අපිට නොපෙනෙන ජීවිතයේ ඇත්ත ස්‌වභාවය පිළිගන්න 'මේක තමයි ඇත්ත' කියලා. එසේ පිළිගත්තොත් අපි භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය දරාගත්ත අය බවට පත්වෙනව. මොකද..? සුගතිය දුගතිය ගැන අපි දැනගන්නෙ, ඒ ගැන පිළිගන්නෙ ශ්‍රද්ධාවෙන්. සතර අපාය ගැන අපි පිළිගන්නේ ශ්‍රද්ධාවෙන්. දිව්‍ය ලෝක ගැන අපි පිළිගන්නෙ ශ්‍රද්ධාවෙන්. ශ්‍රද්ධාව කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීම. ඒ නිසා ඒ අවබෝධය අදහාගෙන ධර්මයට අනුව කල්පනා කරල, ජීවිතය ධර්මයට අනුව ගොඩනගා ගන්ට මහන්සි වෙන්න. මේ දුර්ලභ මොහොත අත්නොහැරෙන විදිහට කටයුතු කරන්න.
පූජ්‍ය නාවලපිටියේ අරියවංශ හිමි
දිවයින පුවත්පතෙහි ලිපියක් ඇසුරෙන් උපුටා ගැනිමකි
ඔබ සැමට සම්මා සම්බුදු සරනයි