මේක ලියන්න ඕන නැහැ කියලා හිතුනත් පටන්ගත්ත වැඩේ මගින් නවත්තන ඕන නැති නිසා ඇඩ්සෙන්ස් කරනවානං පෝස්ට් සෙට් එකේ ඊළඟ එකත් ලියන්නම්.
මේ තියෙන්නේ කලින් ලිව්ව තුන
http://geek.lk/discussion/4415/ඇඩ්සෙන්ස්-කරනවානම්-මේකත්-බලන්න-#Item_21
http://geek.lk/discussion/5459/ඇඩ්සෙන්ස්-කරනවානම්-part-2#Item_29
http://geek.lk/discussion/7084/ඇඩ්සෙන්ස්-කරනවානම්-part-3#Item_26
මේකෙන් මම ෆෝරම් පෝස්ටින්ග් ගැන කියලා දෙන්නම්. ඇත්තටම ඉතිං කියලා දෙන්න කියල දෙයක් නැහැ. මේවා ඔක්කොම ඔයාල දන්න දේවල්. ඒත් ක්‍රියාත්මක නොකරන එකයි අවුල. මම කලින් කිව්වනේ මම මගේ බ්ලොග් එකට මුළින්ම සැලකිය යුතු ට්‍රැෆික් එකක් ගත්තේ ෆෝරම් පෝස්ට් වලින්. හරියටම කියනවානම් මගේ ක්ෂේත්‍රයට අදාළ දවසකට 9000 - 10000 ක් විතර ඇවිත් යන එකම එක ෆෝරම් එකකින්. සරලවම මම කරපු දේ මම කලින් ලිපියකදී කිව්වා. ඊට වඩා ටිකක් විස්තර කරලා මේකෙන් කියන්නම්. හොඳයි ඔන්න එහෙනං පටන්ගත්තා!
ෆෝරම් පෝස්ටින්ග් වලදී සැලකිය යුතු කරුණු.
මම මේක විස්තර කිරීමේ පහසුවට ගීක් එක උදාහරණෙට ගන්නම්.
#1 තමන්ගේ විෂයට අදාළ ෆෝරම් එකක් හොයාගන්න.
ඔයාල දැකලා ඇති හිටපු ගමන් “හලාල්" , “නිදහස් අද්‍යාපනය" වගේ දේවල් ගැන පෝස්ට් හිටපු ගමන් ගීක් එකෙත් වැටෙනවා. හැමෝටම මේ දේවල් ගැන යම් මතයක් තිබුනත් අපි ගීක් එකට එන්නේ ඒවා ගැන කතා කරන්න නෙමෙයිනේ. ඉතිං මෙතැනදී ඒවට ඉල්ලුමක් නැහැ. ඔන්න හැකින් ගැන හරි ලේසියෙන් මාසෙට 100$ හොයන හැටි ගැන හරි පෝස්ට් එකක් දැම්මනම් පට ගාල page views “1K” පන්නනවා. ඉතිං සරලම ඒවගේම ප්‍රධානම කාරණේ තමයි තමන්ගේ විෂයට අදාළ ෆෝරම් එකක් හොයාගන්න. නැතිව Doflow ද නැද්ද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. එහෙම නැතිව කොච්චර ලින්ක් දැම්මත් ඔයාලගේ බ්ලොග් එකට කට්ටිය එන්නේ නැහැ.
#2 පෝස්ට් කිරිල්ල හරි ප්‍රශ්න ඇහිල්ල හරි පටන්ගන්න කලින් එතන ගැන අවභෝදයක් ගන්න.
ඔයාල දැකලා ඇති ගීක් එකේ “අසීමිතව මුදල් උපයන්න" කියල රෙෆරල් ලින්ක් එකක් බස්සපු ගමන් වෙන වැඩේ! හැමෝම උන් ටික එකතු වෙලා දාපු එකාව රේප් කරනවා. එහෙම ලින්ක් දාන අය එහෙම දාන්න කලින් ගීක් එකේ පරණ සාකච්චා අද්‍යනය කරලා හිටියනම් කවදාවත් එහෙම පෝස්ට් දාන්නේ නැහැ නේද? එහෙම උනානම් නෝන්ඩි වෙන්නෙත් නැහැ. ඉතිං දෙවෙනි කාරණේ තමයි පෝස්ට් කිරිල්ල පටන්ගන්න කලින් පරණ ත්‍රෙඩ් බලල එතන මොන වගේ තැනක්ද කියලා අවභෝධ කරගෙන ඉන්න. එහෙම නොවුනොත් ඔයාලටත් වෙන්නේ රේප් වෙන්න! English forum වල ගැවසුන අයට මේ ගැන ඕනෑතරම් අත්දැකීම් ඇති. ඒවා ගැනත් පුළුවන් අය කියන්න.