Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all articles
Browse latest Browse all 4459

Microworkers CHINTH ගේ අද්දැකීම්- part 4

$
0
0
හායි ඔන්න මේ දවස් වල ඔයාලට අර මයික්‍රොවර්කස් එකේ මං කියලා දුන්න ජොබ්ස් පෝලිමේ තියනවා. ඉල්ලීම මට ඕන්න මං අද තවත් පොස්ට් එකක් දානාව එහෙනම්. ඉස්සෙල්ලාම කියන්න ඕනේ කලින් සතියෙදි මට පොඩි වැරදිමක් උනා. ස්තුති කතාවෙදි වැරදිලා නම් ලියලා තිබිලා ටියෙන්නේ. මං ඒ වැ‍රැද්ද අද හදන්නම්.

මං ස්තුති කරනවා, ඩිල්ස්මයික් කොළුවට, ඒ වගේම අයි ප්ලස් එකේ සහෝදරයට, ඒ වගේම ඊ මුදල් එකේ සහෝදරයට වගේම, ඒ කාලේ මට උදව් කරපු ගීක් එකේ හැමටමයි, මං සඳ පතුලෙන්ම ස්තූති කරනවා.

හරි එහෙනම් අද පාඩමට යමු ළමයි... ;;)

Google+ post # (__________)

ඔක්කොටම ඉස්සෙල්ලා ගූගල් + එකට ලොග් වෙන්න.

ගූගල් පෝස්ට් ජොබ් එක කරන්න ක්‍රම කීපයක්ම තියෙනවා, ඉතින් මං ඒකෙන් වඩාත්ම පහසු කෙළවීමේ අඩු සම්භාවිතාවක් තියෙන ක්‍රමය කියන්නම්. හොදයි මේකේ කරන්න තියෙන්නේ චිතලා කියන මාතෘකාවකට අදාලව වචන 100ක පෝස්ට් එකක් නැත්තම් ජේදයක්, නැත්තම් රචනාවක් ලියන්නයි.
හත් ඉලව්වයි, කඩ්ඩෙන් ලියන්න, ඕක නම් හරි යන්නේ නෑ අපිට කඩ්ඩ බෑ
එහෙම ගොන් පාට් විදිහට නේද දැන් හිතුවේ (සම හරක්...) ඔහොම හිතුවොත් නම් කීයක් වත් හොයාගන්න බැරිවෙයි,[-X ඇයි ඉතින් මයිකො වල සිංහලෙන් මුකුත්ම නෑ නේ.

ඩෝන්ට් වොරි මචංලා... මේකට ඔයාල දන්න කඩ්ඩ හොදටෝ...........ම ඇති. දැන් නේ ද ඇඟට ලේ ටිකක් ඉනුවේ. මොකද ඔයාලා පීසී එකක් අත පත ගානවා කියන්නේ, කඩ්ඩ ගැන ටිකක් හරි දන්නවා කියන එකනේ, ආයේ මට කඩ්ඩ පුලුවන් කියලද හිතන්නේ, සත්තයි මාත් ඔයාලා වගේ එකෙක්ම තමයි. කඩ්ඩ හෙනට පුලුවන්නම් බැරියැ...

image

image

හොදයි දැන් 4.1 රූපයේ විදිහට ඔයාලගේ ජොබ්ස් වල ගූගල් පොස්ට් ජොබ් එක පෙනේවි. දැන් ඒක කිලික් කරන්න. ඊට පස්සේ M-33 රුපයේ පරිදි මයිකොලගේ ජොබ් ලියවිල්ල එනවා. ඔය ලියවිල්ලේ අර හයිලයිට් කරලා තියන ලින්කුව වෙන ටැබුවකින් ඕපන් කර ගන්න. (ඔර් කොපි පේස්ට්). දැන් ඔයාලට 4.2 රූපයේ විදියේ එකක් ඒවි. ;;)

image

ඔයිකේ අමු කැත ඉලක්කමකින් 1 කියලා තියෙන්නේ අපි කඩ්ඩෙන් කොටන්න ඕනේ මොන මාතෘකාව යටතේද කියලයි. 2 කියලා තියෙන්නේ අපි ලියන පෝස්ට් එකට දාන්න ඕනේ , එහෙමත් නැත්තම් ඇතුලත් කරන්න ඕනේ ලින්කුවයි.

හරි එහෙනම් වැඩේට බහිමු ඉංගිරීසි හොදට පුලුවන් අය කිසි කේස් එකක් නෑ ඔය මාතෘකාව යටතේ වචන 100ක පෝස්ට් එකක් ලියන්න. මේ කියන්නේ මං වගේ අයටයි, ඒ නිසා හොදින් අහගන්න. ;;)

දැන් ඔයාලාට කරන්න තියෙන්නේ අර 1 යතතේ තියන මාතෘකාව ගූගල් එකේ සර්ච් කරන එකයි. ඒහෙම කලාම 4.3 රූපයේ විදිහේ ගූගල් රිසාල්ට් එයි. ඒකේ තියන විවිද සයිට් වල්ට යටන්න වෙන වෙන ටැබ් වලින් (2,3 කට වගේ) රූපයේ යට තියනව ඊට අදාල වෙනත් මාතෘකා ඒවා වලටත් යන්න කැමතිනම්..(කො‍ටුකරලම තියනවා)

image

ඉතින් ඔය සයිට් වලට ගිහින් එයාලා මාතෘකාව යතතේ දාලා තියන ඒවා හොදින් කියවන්න. අදහස් ගන්න පුලුවන් තරයි. ඒ කරලා ඔයා වර්ඩ් එක උපයෝගි කරගෙන ඔයාගේ පොස්ට් එක නිර්මාණය කරන්න . හැබයි පුදනකොටම කාපි යකා කියලා කොපි පෙස්ට් කරන්න එපා [-X . ඔයාට තියෙන්නේ අර කඩු සයිඩ් එකකින් වචන 30ක් විතර සෙට් කර ගන්නයි. එයාලගේ පොස්ට් එක බලාගෙන, ඔයා තනියම එකක් හදන්න. කොටින්ම මං කියන්නේ සමරයිස් කරන්න කියලයි. අර ඒ ලෙවල් කඩු පේපර් එකේ සමරයිසින් ටික ටිකක් හරි කරලා තියනවනම් මේ ක අමාරුවෙන් හරි කරන්න පුලුවන්.බැ නෙවෙයි පුලුවන්.

හරි දැන් ඔයාගේ පොස්ට් ඒකේ වචන සීයක් එකසිය පහක් අතර වෙනකොට නවත්තන්න. ෆෝම් වෙච්ච පාරට ලියන් යයිද දන්නේ නෑ 200ක් විතර =)) . ඉතින් කස්ටියක් අසයි
කෙසේද සොයුර වචන සීයක් ලීවා යැයි දැන ගන්නේ කියා
. ක්‍රම දෙයක් තියනවා. එකක් තමයි පෝස්ට් එකේ එක එක වචන ගනන් කරන එක =)) නැත්තම්, මං අර වර්ඩ් එකේ යට තියනවා ටයිප් කරපු වචන ගාන. එතනින් බලාගන්නත් පුලුවන්.(4.4 රූපයේ යට බලන්න.)

දැන් තව එකක් කරන්න තියනවා තියෙනවා බලන්න වර්ඩ් කස්ටිය ඔයාගේ පෝස්ට් එක හරියට කිසි වැ‍රැද්දක් නැතුව පෙන්වනව කියලා, ඔයා ස්පේස් තිය තිය වචන ටයිප් කරන්න ඕනේ, තව ටොට් එක්කට පස්සේ ස්පේස් තියලා තමයි ඊලට වචනය පටන් ගන්න ඕනේ, කමාවකට පත්තෙන් ස්පේත් තීන්න ඕනී.

image

හරි දැන් බලන්න වැරදිච්ච වචන තිනවද කියලා, රතු පාටින් හයිලයිට් වෙලා නම් එහෙම වෙලයි තියෙන්නේ. එහෙම උනාම වචනේ උඩ ක්ලික් කරාම වර්ඩ් අයියා හරි වචන සෙට්‍ටුවක්ම පෙන්නනවා. ගෝඩක් වෙලාවට කොල පාටින් තියෙන්නේ ස්පේස් දෙකක් වගේ තිබුනම. නැත්තම් තිතකට පස්සේ ස්පේස් එකක් නැති උනාම වගේ දේවල්, මේ ඔයාල ටයිප් කරද්දි පෝස්ට් එක වචන 100කම ජේදයක් වෙන්න ඕනේ ජේද වෙන්කර ලිවීම සපුරා තහනම්. ලියද්දි ලස්සනට තිත් තියන වචනයකට පස්සේ එක් ස්පේස් එකක් තියලා ජේදය ලියන්න. හරි දැන් ඇති නේද ඒ ගැන කීවා. ;;)


දැන් අපි අවසන් කරන්නයි යන්නේ, දැන් අඩුපාඩු හැදුවට පස්සේ අපේ පෝස්ට් එක කැපිටලයිස්ට් කරන්න ඕනේ , ඉස්ස්ලාම මං කරලා තියනවා වගේ මුළු පොස්ට් එකම හයි ලයිට් කරන්න(Cntrl A) (මං ගාව තියෙන්නේ වර්ඩ් 07 එකයි ) 4.4 වල පෙන්නලාට් තියන විදිහෙ Aa බටන් එක කිලික් කරාම රුපයේ තියනවා වගේ ඩ්‍රොප්ඩවුන් ලිස්ට් බොක්ස් එකක් එයි. අන්න ඒකේ මං කො‍ටු කරලා තියන විදියේ කැපටලයිස්ට් කියන එක කිලික් කරාම අපේ වැඩේ හරි. දැන් නම් ආයේ මුකුත් කරන්න යන්න එපා, හරි කැපටලයිස්ට් කරාම ආයේ වැරදි හැදන්න යන්න එපා [-X .( කියන දේ අහන්න ) දැන් ඒ පෝස්ට් එක මොන වැරද්ද තිබ්බත් කොපි කරන්න, වැරදි හදන්න ඕනේ කැපිටලයිස්ට් කරන්න කලිනුයි. [-X [-X [-X [-X

image

(ඔයාලා අර ගූගල් ප්ලස් බටන් එක තියනවා නම් විතරක් මේක කරන්න)
හරි මං අර 4.2 වල අංක් 2 යටතේ ඇති ලින්කුව මටකද දැන් ඒ ලින්කුව තවත් ටැබ් එකකින් ඕපන් කරන්න ( මවුස් රෝල් හී මිඩිල් කිලික් එක ඔබන්න ලින්කුව උඩ ඉදන්). දැන් එයාලගේ සයිට් එක ලෝඩ් වෙනකන් ඉන්න. ඊට පස්සේ පලස් වන් යටතේ තියන එක කිලික් කරන්න 4.5 පෙන්නලා ඇති.

image

දැන් එතකොට 4.6 විදිහේ වින්ඩො එක එයි. එතකොට අර කොපි කරන් හිටපු පෝස්ට් එක පේස්ට් කරන්න පෝස්ට් වල. හරි දැන් ශෙයාර් කරන්න. \:D/ \:D/

ගූගල් ප්ලස් බටන් එක නැති අය ඔයාගෙ ගූගල් ප්‍රෝ එකට ගිහින් පෝස්ට් යටතේ ඔයාගේ පෝස්ට් එක කිලික් කරලා පෝස්ට් එක පේස්ට් කරලා, කමෙන්ට් යතතේ අර අංක දෙක යටතේ දුන් ලින්කුව විතරක් කමනෙට් කරන්න ඒ පෝස්ට් එකට. නැත්තම් ලින්ක් යතේ අර ලින්කුව දාලා ලින්කුව උඩින් තියනවා ඔයාගේ අදහස් දාන්න පුලුවන් එකක්. අන්න ඒකේ අර ඔයාගේ පෝස්ට් එක දාන්න. මේහෙම කරන්නත් පුලුවන්.

ඕක ඉවර උනාම මට ලැබුනා වගේ මේ විදියේ කෝඩ් එකක් එයි, හූ හූ...ඒක ඔයාලට පේන්නේ නෑ. දැන් ඔයාලට ලැබුන කෝඩ් එක අර M-33 pic (හි යට ඇක්සැප්ට් කරලා) කෝඩ් එක දාලා සබ්මිට් කරන්න.

image

ඔන්න එහෙනම් නම් ගූගල් පෝස්ට් එකක් කරන හැටි කීවා මට පුලුවන් උපරිමයෙන්ම. දැන් ඉතින් වැඩට බහින්න. ජය වේවා.....!!!
\:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ =))

Viewing all articles
Browse latest Browse all 4459

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>